දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකරන සේවකයින්ට වැඩ වරදී

දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී ඊට පරිබාහිරව ක්‍රියාකරන සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දුම්රිය ගාස්තු සංශෝධනය අද (23) සිට ක්‍රියාත්මක බවයි.
කෙසේ වෙතත් අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය මීට පෙර සඳහන් කළේ.
එය ලබන පළවනදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ප්‍රකාශ කර තිබුණා.

