රුසියාව ගිවිසුම් කඩකරමින් යුක්රේනයේ ධාන්‍ය ගබඩාවකට මිසයිල ප්‍රහාර

ගිවිසුම් කොන්දේසි කඩකරමින් රුසියාව යුක්රේනයේ ඔඩෙසා වරායේ ධාන්‍ය නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
යුක්රේන රජය චෝදනා කරන්නේ මෙම ප්‍රහාරය සිදුවීමත් සමඟ රුසියාව පිළිබඳ අවම විශ්වාසයක් හෝ තැබිය නොහැකි තත්වයක් උද්ගත වන බවයි.
පසුගියදා රුසියාව සහ යුක්රේනය අතර ධාන්‍ය අපනයනය සඳහා වන ගිවිසුමකට එළඹුණා.
කෙසේ වෙතත් මේ දක්වා රුසියාව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

