බ්‍රිතාන්‍ය අමාත්‍යවරයෙකුගෙන් රනිල්ට ඇමතුමක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩල සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (23) දුරකථන සංවාදයක නිරත වී තිබේ.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඔහු සහ වික්‍රමසිංහ මහතාගෙන් ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බව ය.
එමෙන් ම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව, ආර්ථික තත්ත්වය, සාමකාමී විරෝධතා, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ යුක්තිය පිළිබඳ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද එම දුරකතන සංවාදයේදී අවධානය යොමු වූ බව තරික් අහමඩ් නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.
එහි වැඩිදුරට ත් දැක්වෙන්නේ, එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගවලට අඛණ්ඩව සහය වන බව ය.


