ඉන්ධන පෝලිමක තවත් මරණයක්

මාතලේ ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු අද අලුයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා මෝටර් රථයක රැඳී සිටිය දී මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව යි.
ඔහුගේ මෝටර් රථය ඉදිරිපස තිබූ රථයෙහි හදිසියේ ගැටීමත් සමඟ සිදු කළ සොයා බැලීමක දී මොහු ජිවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

