ස්වාධීන පක්ෂ දහය ආණ්ඩුවට එරෙහි පුළුල් පෙරමුණකට

ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක් ගොඩනැගීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් තීරණයක් ගෙන තිබේ.
මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින සෙසු මන්ත්‍රීවරුන් ද මෙම පෙරමුණ සඳහා එක් කර ගැනීමට නියමිත ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුව සමග ගමනක් යාමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති නිසා මෙම පුළුල් පෙරමුණ ඉතා කඩිනමින් පිහිටුවීමට කටයුතු කරන බව ද ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
මෙම නව පෙරමුණ හා සම්බන්ධවීමට නියමිත කිසිදු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර ගැනීමට අදහස් නොකරන බව ද නානායක්කාර මහතා පැවසීය.
මුදල් අමාත්‍යංශයේ ඊයේ ( 26) පැවැති ආණ්ඩු පක්ෂ “ගෘප් මීටින්” එකකට සහභාගි වන ලෙස කාන්තාවක් තමාට දුරකතන ඇමතුමක් ලබාදුන් නමුත් තමා ඒ සඳහා සහභාගි නොවූ බව ද නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

