අමාත්‍යංශ 28ක ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ

අමාත්‍යංශ 28ක ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ

අමාත්‍යංශ 28ක් සඳහා පත් කර ඇති ලේකම්වරුන්ගේ නම් සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මෙම ලේකම්වරුන් ජූලි 22 වන දා සිට පත් කළ බව අදාළ ගැසට් පත්‍රයේ දැක්වේ.

එමෙන් ම, ජනාධිපතිවරයා විසින් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ ඇති බව ද ප්‍රකාශයට පත්කළ ගැසට් පත්‍රය මගින් දැනුම් දී ඇත.

තව ද ජූලි 22 වන දා සිට අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් අනුර දිසානායක පත් කර ඇතැයි එහි සඳහන් වේ.

අදාළ ගැසට් පත්‍රය මෙතැනින් බලන්න…