මහින්දට, බැසිල්ට රටින් පිටවීමේ තහනම දීර්ඝ කෙරේ

මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා යළි දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය.
ඒ ඔවුන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි.
ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණ.

