ජනපති රනිල්ව නඩුවකින් නිදහස් කෙරේ

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කිරිම සඳහා රජයට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවෙකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩුවෙන් මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි.
එහි දී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සමෙහි වගඋත්තකරුවෙකු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කර තිබුණ ද ඔහුගෙන් පෙත්සම්කරුවන් සහනයක් අපේක්ෂා නොකරන හෙයින් ජනාධිපතිවරයා එම නඩුවෙන් මුදා හරින ලෙසයි.
එම ඉල්ලීම පිලිගත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, ජනාධිපතිවරයා එම පෙත්සමෙන් මුදා හැරීමටයි.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

