බ්ලැක් කැප්ස් ව්‍යාපාරය ගෝල්ෆේස් අරගල බිමෙන් ඉවත්වෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මහජන විරෝධතාවේ සක්‍රීය සාමාජිකත්වයක් පෙන්නුම් කළ බ්ලැක් කැප්ස් ව්‍යාපාරය ගාලු මුවදොර අරගලයෙන් නිල වශයෙන් ඉවත් වන බව අද(28) නිවේදනය කළා.
නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ගාලු මුවදොර විරෝධතා භූමියේ මූලික අරමුණ ඉටුවී ඇති බැවින් තවදුරටත් එහි රැඳී සිටීමට තමන්ට හේතුවක් නො මැති බවයි.
එසේ ම බ්ලැක් කැප් ව්‍යාපාරය තවදුරටත් නිවේදනය කළේ සිය අරගලය මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ, ‘ගාලුමුවදොරින් ඔබ්බට’ යෝජනා මාලාවේ ප්‍රතිසංස්කරණ දිනාගැනීම වෙනුවෙන් බවත්, ඒ වෙනුවෙන් සිවිල් සමාජය සහ දේශපාලන සමාජය සමඟ එක්ව පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් කරා යාමට අදහස් කරමින් ‘අරගලය 4.0’ නමින් නව අරගලයක් දියත් කරන බව ද ඔවුන් නිවේදනය කළා.
(බ්ලැක් කැප්ස් ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින්)



