ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා විමල්ගෙන් ජනපතිට ලිපියක්

පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය යොදාගනිමින් දියත් වන, ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමේ ගොදුරක් බවට පත් වී ශ්‍රී ලංකාව හයිටියක් බවට පත් කිරීමේ ජාත්‍යන්තර සූදානමක් පවතින බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් වන අතර ම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පැවැත්ම ද අනතුරට ලක් වීමේ අවධානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් කියා සිටිනවා.
දේශපාලනිකව උපායමාර්ගික ප්‍රවේශ තෝරන තත්ත්වයක් තුළ පටු දේශපාලන වාදවිවාදවලින් හෝ ඓතිහාසික ගැටුම් යාවත්කාලීන කිරීමෙන් තොරව ඊට මඟ පෙන්වන වැඩ පිළිවෙලක් සඳහා අවතීර්ණ වීමට ජනාධිපතිවරයාට යෝජනා කරන මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ, තම පක්ෂය විසින්, අනාගත පොදු වැඩපිළිවෙළක අනිවාර්යෙන්ම අඩංගු විය යුතු කරුණු ලෙස දක්වන දෑ සම්බන්ධයෙන් විවෘත මනසකින් බලන ලෙසයි.
එම සම්පුර්ණ ලිපිය පහතින්,

