අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවති.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
නැගෙනහිර, දකුණු සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදේ කාලයේදීද වැසි ඇති විය හැක.
සබරගමුව, මධ්‍යම, ඌවසහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

