රත්ගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

රත්ගම – ගම්මැද්දෙගොඩ ප්රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (31) දහවල් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි රත්ගම පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා
මේ අතර වැල්ලවත්ත විවේකානන්ද පාරේදී අද අලුයම පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 51 හැවිරිදි කොටහේන ප්රදේශයේ ම පදිංචිකරුවෙක්.
ඝාතකයින් පලා ගොස් ඇති අතර, ඔවුන් අත් අඩංගුවට ගැනීමට වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා

