ජැක්සන් ඇන්තනී පිළිබඳව සමාජ මාධ්‍ය තුළ පළවන පුවත් බොරු – දියණිය

ජැක්සන් ඇන්තනී පිළිබඳව සමාජ මාධ්‍ය තුළ පළවන පුවත් බොරු – දියණිය

ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මියගිය බවට සමාජ මාධ්‍ය තුළ පළවන පුවත අසත්‍යයක් බව ජැක්සන් ඇන්තනීගේ දියණිය පවසනවා.

ඔහුගේ දියණිය තම ෆේස්බුක් ගිණුමෙ සටහනක් තබමින් එම පුවත්වල අසත්‍යතාව තහවුරු කර තිබුණා.

ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී ඉකුත් ජූලි 02 වැනි දා රූගත කිරීමකට ගොස් එන අතරතුර, අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේ දී , ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක් වූ අතර, අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබුණා.

අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත ඔහුව මාරු කර එවූ අතර සැත්කමකින් පසුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුරින් ඔහු සමඟ ගමන් ගත් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු වුණා.

ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනීගේ දියණිය සහ පුතා විසින් පළ කළ ෆේස්බුක් සටහන් පහතින්,