ජනපති එවපු ලිපියේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනාවක් නෑ – පාඨලී

ජනපති එවපු ලිපියේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනාවක් නෑ – පාඨලී

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට යොමුකළ ලිපියෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනාවක් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පාඨලී චම්පික රණවක මහතා දැක්වූ අදහස්,

“ජනාධිපතිතුමා එවලා තිබුණ ලිපියේ සර්ව පාක්ෂින ආණ්ඩුවකට ආරාධනාවක් කරලා නෑ. ඒ ලිපියේ කියලා තියෙන්නෙ 19 වැනි සංශෝධනය පදනම් කර ගත්ත ව්‍යවස්ථා සංශෝධනයකටත්, පාර්ලිමෙන්තුවේ ඉදිරියේදී බිහි කරන්න යන අධීක්ෂණ කාරක සභා පිළිබඳවත් අපේ අදහස විමසලා තමයි එවලා තියෙන්නේ.

ඒකට පිළිතුරු අපි එතුමට ලබා දෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න ආරාධනා නෑ. පොදු වැඩපිලිවෙළක් සඳහා ඉහත කී කරුණු දෙක සම්බන්ධයෙන් අපේ අදහස් තමයි විමසලා තියෙන්නේ.

අපි බලාපොරොත්තුවෙනවා එතුමා රාජාසන කථාව ඉදිරිපත් කරලා කරන්න යන ආර්ථික, දේශපාලන වැඩ පිළිවෙළ ගැන අදහස් ඉදිරිපත් කරයි කියලා. දැන් මේ රට බංකොළොත් කරපු දේශපාලනඥයින් හා නිලධාරීන් පැත්තක ඉන්නකොට තරුණ සමාජ ක්‍රියාකාරීන් හඹා ගිහින් හදිසි නීතිය යටතේ තැනින් තැන ඔවුන් පැහැරගන්න යනවා.

මේ වගෙන් විශ්වාසය ගොඩනැගෙන්නේනෑ. රටේ ප්‍රතිරූපය තවත් ඇද වැටෙන එක විතරයි වෙන්නේ. මම හිතන්නේ ජනාධිපතිතුමා පළමුව පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ විශ්වාසය දිනාගත්තට අමතරව, ඒක එතෙනට වැදගත්වුණාට දැන් එතුමාට රාජ්‍ය පාලනයට වැදගත්වෙන්නේ ජනතා විශ්වාසය. පොහොට්ටුව ගැන ජනතාවගේ විශ්වාසයක් නැහැ.” යනුවෙන් පැවසීය.