තෙල් මිල අඩුවෙන ලකුණු – මාස්ක් නැත්නම් තෙලුත් නෑ

සති 02 කට වරක් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතයි.
සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා ඉගි පළකර තිබුණේ අද දිනයේදීත් බොහෝ දුරට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බවයි.
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත යෑමට සාපේක්ෂව මෙරට තෙල් මිල මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බව සඳහන්.
මේ අතර මුඛ ආවරණ නොපැළඳ පැමිණෙන්නට අද සිට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න සඳහන් කළා.
මේ අතර මෙම සතියේදීත් දින තුනක් පාසල් පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ.
ඒ අනුව පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන් හි පැවැත්වෙනු ඇති.
ලංගම හරහා ලබාදෙන ඉන්ධන පූර්ණ වශයෙන් බස් රථ ධාවනයට ප්‍රමාණවත් නොවන බැවින් අද දිනයේත් පෞද්ගලික බස් රථ ධාවනයට එක් කළ හැක්කේ සියයට 50 ක ධාරිතාවෙන් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළා.
ඔහු කියා සිටියේ මේ හේතුවෙන් අද දිනයේත් බස් රථවල තදබදයක් ඇති විය හැකි බවයි.

