තෙල් මිල අඩු කළොත් කෑම මිලත් අඩු කරනවා

තෙල් මිල අඩු කළොත් කෑම මිලත් අඩු කරනවා

ඉන්ධන මිල අඩු කළ හොත් ආපනශාලාවල ආහාර පානවල මිල සියයට විස්සකින් අඩු කරන බවත් ගෑස් සැපයීම ඉතා හොඳින් සිදු කෙරෙන නිසා වසා දමා තිබූ ආපනශාලාවලින් බොහෝමයක්ම මේ වනවිට විවෘත කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි

ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩුවේනම් සිය ආපනශාලාවල ආහාර මිල සියයට විස්සකින් අඩු කරන බවද අසේල සම්පත් කියා සිටියි.

ඒ අනුව ප්ලේන්ටියේ සිට රයිස් ,කොත්තු මිලද අඩුවෙන බව අසේල වැඩි දුරටත් පැවසීය.