ජීවන්ත පීරිස් පියතුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජීවන්ත පීරිස් පියතුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.

මේ අතර විරෝධතා ව්‍යාපාරයේ යෙදී සිටින ජීවන්ත පීරිස් පියතුමාට ඇතුළු පිරිසට එරෙහි මර්දනයට විරුද්ධව ශ්‍රී ලංකාවේ කතෝලික පූජකවරුන්, සහෝදරියන් සහ සහෝදරයන් 1640 විසින් ඊයේ (01) ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා.

කතෝලික පූජකවරුන් විසින් අත්සන් කරන ලද එම ඒකාබද්ධ ප්‍රකාශයේ, ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට දරණ උත්ත්සාහයන් සම්බන්ධ‍යෙන් ඔවුන්ගේ දැඩි කණස්සල්ල පළ කර තිබුණා.