ඩීසල් බහාලුම් නිදහස් කෙරේ – තවත් ඩීසල් සහ පෙට්‍රල් නැවකට අත්තිකාරම් ගෙවයි

ඩීසල් බහාලුම් සඳහා ඊයේ (02) සිදු කළ ගෙවීම් අනුව අද දිනයේ ඒවා මුදා හැරීම ආරම්භ කරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනු යි ඔහු මේ බව සඳහන් කරන්නේ.
ජෙට් ඉන්ධන සැපයීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව් වසර 1ක ගිවිසුමකට එළඹ ඇති අතර, අගෝස්තු 12-14 දිනවල පළමු බහාලුම ලැබෙනු ඇති බව සඳහන්.
පෙට්‍රල් බහාලුම් 01ක් සහ ඩීසල් බහාලුම් 01ක් සඳහා අමතර අත්තිකාරම් ගෙවීමක් සිදු කර ඇති බව ද වාර්තා වෙනවා.


