ඉන්ධන පෝලිමක තවත් මරණයක්

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයකු මිය යාමේ පුවතක් පුත්තලමෙන් වාර්තා වෙනවා.

පුත්තලම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සිටි 63 හැවිරිදි අයෙකු අද (03) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු ඉන්ධන ලබා ගැනීම සඳහා සිය ලොරි රථය තුළ රැදී සිටිය දී මියගොස් තිබෙනවා.