අපි එකතු විය යුතුයි – හර්ෂ ද සිල්වා
නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා, සීමිත කාලයක් සඳහා සර්ව පාක්ෂික හෝ බහු පක්ෂ රජයක් පිහිටු විය යුතු බවත්, එසේ කළ හොත් අනාගත පරම්පරාවට සාධාරණයක් ඉටු කිරීමට හැකි වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (03) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරන අතරතුර ට්විටර් පණිවිඩයක් තබමින්.
එහි දී ඔහු පවසන්නේ, නැගී එන ඉන්දු පැසිෆික් ආර්ථික බල ප්‍රදේශය තුළ ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් ලෙස නවීන අපනයන ක්‍රියාවලියට නැඹුරු වූ තරඟකාරී සමාජ වෙළඳපොල ආර්ථිකයක් දක්වා දියුණු කළ යුතු බවයි.
එස් සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ වැඩසටහනට තමන් එකඟ බවත්, එය තම දර්ශනය හා සමාන වන බවත්, ඒ සඳහා අපට දැවැන්ත ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන අතර මහජනතාව එකඟ කරවා ගැනීම ද කළ යුතු බව ඔහු එම පණිවිඩයේ වැඩි දුරටත් දක්වනවා.
මන්ත්‍රීවරයා විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින්,