ගාලුමුවදොරට ගොඩ ගැසූ මළ සිරුරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂනයක් කරන්න

ගාලුමුවදොරට ගොඩ ගැසූ මළ සිරුරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂනයක් කරන්න

ගාලුමුවදොර වෙරළ තීරයේ වෙඩි තැබීම් සහ මළ සිරුරු සම්බන්ධයෙන් වහා ම පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන් ඉල්ලා සිටිනවා.

දින කිහිපයක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ මෑත කාලීන වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ද පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටින්නේ.

බලධාරීන්ගේ කිසිදු පැහැදිලි කිරීමක් නො මැතිව, එවැනි සිරුරු තිබීම මහජන කොටස් අතර භීතියට හේතු වී ඇති බව පවසන ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිලිස්පතිවරයාට කියා සිටින්නේ, විශේෂයෙන් ම ගාලු මුවදොර අවට මුහුදු තීරයේ ඇතැම් ස්ථානවල මළ සිරුරු ගොඩට ගසන බවට මාධ්‍යවල පළ වූ වාර්තා සම්බන්ධයෙන් ද පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරන ලෙසයි.

ඒ අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය පවත්වා ගෙන යාම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට අහිතකර බලපෑමක් ඇති නොවන බව සහතික කිරීම සඳහා මෙම කරුණු දෙක කඩිනමින් විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාගේ අවධාරණයට යොමු කරනවා.