හෙටින් පස්සේ අනිවාර්යයෙන් ගෑස් මිල අඩු කරනවා – ලිට්රෝ සභාපති
හෙට දිනයෙන් පසු ගෑස් මිල අඩු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති පවසනවා.
මුදල් අමාත්‍යංශය සහ පාරිභෝගික සේවා අධිකාරිය මගින් හඳුන්වා දුන් නව මිල සූත්‍රයට අනුව එම මිල ගණන් සංශෝධනය සිදුවන බවයි සභාපතිවරයා කියාසිටියේ.
මේවන විට ප්‍රමාණවත් තරම් ගෑස් තොග සමාගම සතුව පවතින අතර ඔක්තෝම්බර් මාසය දක්වා ගෑස් ඇනවුම් සිදුකර ඇතැයි ද ඔහු හෙළි කළා.
අයහපත් කාලගුණික තත්වයන් මත හෝ වෙනත් ස්වභාවික හේතුවක් මත ගෑස් නෞකාවකට ගෑස් ගොඩ බෑමට නොහැකිව ගැටලුවක් මතු වුවහොත් දිනක් හෝ දෙකක ප්‍රමාදයක් සිදුවිය හැකි බව ලිට්රෝ සභාපතිවරයා පෙන්වා දෙනවා.
එසේ නොමැති නම් අඛණ්ඩව හිඟයකින් හෝ පෝලිම්වලින් තොරව ගෑස් ලබාදීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි ඔහු අවධාරණය කළේ.
ඒ වෙනුවෙන් ගෑස් නෞකා අවශ්‍ය පරිදි ඇනවුම් කර ස්ථිර කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.