මහානාම හිමියන්ට ඇප

මහානාම හිමියන්ට ඇප

ජාතික භික්ෂු පෙරමුණේ පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් ඇප මත මුදාහැරුණා. රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත උන්වහන්සේ මුදාහරින ලෙසයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ඉකුත්දා පොලිස් මූලස්ථානය ඉදිරිපිටි සිදුකළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා. මෙම හිමියන් මෙවැනිම වැරදි සම්බන්ධයෙන් ඇප මත මුදාහරින ලද හිමිනමක් බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නා.

පොදු දේපල පනත යටතේ මෙම හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන බව පැවසූ පොලීසිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද ඉල්ලා සිටියා. උන්වහන්සේ මාර්ග බාධක පෙරලන ඡායාරූපයක් ඉදිරිපත් කළ පොලීසිය මෙමගින් සිදුකළ අලාභය රුපියල් එක්ලක්ෂ හැත්තෑ තුන්දහස ඉක්මවන බව ද පැවසුවා. මෙවැනි තවත් දහස් ගණනක් සිටින බැවින් බන්ධනාගාර මදිවනු ඇති බව පැවසූ මහේස්ත්‍රාත්වරයා හිමි නම ඇප මත මුදාහරින ලෙස නියෝග කළා.

COMMENTS