අලුත් අයදුම්කරුවන්ට ඉදිරි පැය 48 තුළ QR කේතයට ලියාපදිංචි විය නොහැකියි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කලින් සැලසුම් කළ පද්ධති අලුත්වැඩියාවක් හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුල ජාතික ඉන්ධන බලපත්‍රය (QR code )සඳහා නව අයදුම්කරුවන්ට අයදුම් කළ නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
කෙසේවෙතත් මෙම එම පණිවුඩයේ සඳහන් වන්නේ මේවන විට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වී ඇති පාරිභෝගිතයන් සඳහා එම පද්ධති අලුත්වැඩියාව කිසිදු බලපෑමක් සිදු නොකරන බවයි.
මේ අතර ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය සඳහා මේවන විට වාහන 5460217ක් ලියාපදිංචි වී තිබෙනවා.


