පරිභෝජනය සඳහා සුදුසු සහල් සත්ත්ව ආහාර සඳහා යොදා ගත්තොත් වැඩ වරදී

පරිභෝජනය සඳහා සුදුසු සහල් සත්ත්ව ආහාර සඳහා යොදා ගත්තොත් වැඩ වරදී

මිනිස් පරිභෝජනය සඳහා භාවිත කරන සහල් සත්ත්ව ආහාර නිෂ්පාදන සඳහා යොදා ගන්නේ නම් ඔවුනට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

වෙළඳ අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර පරිභෝජනයට සුදුසු මට්ටමේ සහල් තොගයක් වාරියපොල ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක තිබිය දී සොයාගෙන තිබෙනවා.

පාරිභෝගික සේවා නිලධාරීන් විසින් ලොරි 8ක තිබී සහල් මෙට්‍රික් ටොන් 151 ක් සොයාගෙන තිබුණා.