උමංදාවට ගිය කෘෂිකර්ම ඇමති (Photos)

කෘෂිකාර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (05) කුරුණෑගල, මැල්සිරිපුර උමංදාව හරිත විශ්වවිද්‍යාලය දැකබලාගැනිම ට සහ එහි ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා එක්වී තිබුණා.
එහිදී නව ක්‍රම ඔස්සේ කරගෙන යනු ලබන වගාවන්, කාබනික පොහොර, දියර පොහොර, කෘමි විකර්ශක නිෂ්පාදනයන් සඳහා එහිදී අමාත්‍යවරයාගේ අවදානය යොමුවී තිබුණා
එමෙන්ම උමංදාව නවෝත්පාදාන මධ්‍යස්ථානයේ නිෂ්පාදනයන් හා එහි වැඩපිළිවෙළ දැකබලාගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ උමංදාව සංකල්පය සියලු පාසල් ශිෂ්‍යයන්,විශ්ව විද්‍යාල, හා සියලු පුරවැසියන් දැකබලා ගතයුතු, අදහස් හා නිර්මාණයන්ගෙන් පරිපූර්ණ වූ සුවිශේෂී මධ්‍යස්ථානයක් බවයි.









