ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩකාරී මර්දනය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් හෙළා දකියි

ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩකාරී මර්දනය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් හෙළා දකියි

ජුලි 27 වැනි දින, පොලිසියේ යැයි කියාගත් නාඳුනන පුද්ගලයින් පිරිසක් එක්ස්පෝෂර් නිවුස් හි කාර්යාල වෙත ගොස් සේවකයෙකුගෙන් ශ්‍රී ලංකාවේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව හා මාධ්‍යවේදීන්ට එරෙහිව ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රචණ්ඩකාරී මර්දනය සහ පලිගැනීම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් විසින් හෙළා දකිනු ලැබ තිබේ.

එම සංවිධාන පෙන්වා දෙන්නේ, විරෝධතා වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් බලධාරීන්ගේ ඉලක්කයට ලක්ව ඇති බවට පළවන වාර්තා පිළිබඳව ද තම සංවිධාන දැඩි කනස්සල්ලට පත්ව සිටින බවය.

ප්‍රශ්න කර ආරක්ෂක දර්ශන බැලීමට ඉල්ලා සිටි බව වාර්තා වේ.

හියුමන් රයිට් වොච් පෙන්වා දෙන්නේ විරෝධතා නිරීක්‍ෂණයට හෝ වාර්තා කිරීමට සම්බන්ධ මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් අයට ICCPR යටතේ ආරක්‍ෂාව හිම වන බවය.

අදාළ ඒකාබද්ධ නිවේදනයට අත්සන් කර ඇති මානව හිමිකම් සංවිධාන වන්නේ, අත්සන් කරන්නන්:

•ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
•මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA)
•CIVICUS
•FIDH-මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය
•Franciscans International
•ඉදිරි පෙළ ආරක්ෂකයින්
•හියුමන් රයිට්ස් වොච්
•ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම
•සියලු ආකාර වෙනස් කොට සැලකීම් සහ වර්ගවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය (IMADR)
•මානව හිමිකම් සඳහා ජාත්‍යන්තර සේවය
•ශ්‍රී ලංකා ව්‍යාපාරය
•ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම
•වධහිංසාවට එරෙහි ලෝක සංවිධානය (OMCT)

සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව හා මාධ්‍යවේදීන්ට එරෙහිව ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රචණ්ඩකාරී මර්දනයට 2022 ජුලි 22 වැනි දින කොළඹ අරගල භූමියේදී අත්අඩංගුවට ගැනීම්, බිය ගැන්වීම් සහ ම්ලේච්ඡ ප්‍රහාරය ඇතුළත් වේ.

ආරක්‍ෂක අංශ ඕනෑවට වඩා බලය පාවිච්චි නොකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් වග බලා ගත යුතු අතර ‘ගොටාගෝගම’ භූමියේ සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරනු ඇතැයි අපෙක්ෂා කරන බවද අදාළ සංවිධාන අවධාරණය කළේය.

https://bit.ly/3oYB0uV

https://bit.ly/3bxxHrs