ගෝඨාභය තවත් දින 14ක් ඉල්ලයි

ගෝඨාභය තවත් දින 14ක් ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක කාලයක් ලබා දෙන්නැයි රජය සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

සිංගප්පූරුවේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සිය වීසා කාලය අවසන් වීමෙන් පසුව ලබන එකොළොස් වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.

එහෙත්, රජය කර ඇති මෙම ඉල්ලීම අනුව, රාජපක්ෂ මහතා මේ මස අවසන් සතිය පමණ වන තෙක් සිංගප්පූරුවේ රැඳී සිටිනු ඇතැයි දැනගන්නට ඇත.

මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් මස 14 වැනිදා මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඔහුට සති දෙකක කාලයක් එහි රැඳී සිටීමට අවසර දී තිබිණි.පසුව එම කාලයද තව සති දෙකකින් දීර්ඝ කරනු ලැබීය.