පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (07) වීථි සංචාරය කිරීමට නියමිතය.
කුඹල් පෙරහැරට වඩා සුවිශේෂී නර්තන අංගයන්ගෙන් හා අලි ඇතුන් වැඩි පිරිසක් රන්දෝලි පෙරහැරේ ගමන් කිරීම එහි විශේෂත්වයකි.
රන්දෝලි පෙරහැර සඳහා දියවඩන නිළිමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ සිව් මහා දේවාලයන්ගේ බස්නායක නිලමේ වරුද පෙරහැරට එක්වෙති.
පත්තිනි දේවාලයේ පෙරහරින් අනතුරුව සිව් මහා දේවාලවල දේවාභරණ රැගත් රන්දෝ ලාවන් 4ක් ගමන් කිරීම
රන්දෝලි පෙරහැරේ ඇති සුවිශේෂි චාරිත්‍රයකි.
මේ දිනවල ඇඳ හැලෙන අධික වර්ෂාව මැද්දෙත් පෙරහැර නැරඹීම සඳහා විශාල ජනතාවක් පැමිණ සිටියා.
ඇසළ පෙරහැර නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවක්ද ක්‍රියාත්මක වෙනවා.
මේ අතර මහනුවර පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ (06) රාත්‍රියේ වීදී සංචාරය කෙරුණා

