අකුණක් වැදී තෙල් ටැංකි සංකීර්ණයක් ගිනි ගනී – 121කට තුවාල

අකුණක් වැදී තෙල් ටැංකි සංකීර්ණයක් ගිනි ගනී – 121කට තුවාල

අකුණක් වැදීම හේතුවෙන් කියුබාවේ තෙල් ටැංකි සංකීර්ණයක හටගත් ගින්නකින් එක් අයෙකු මියගොස් 121 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

බටහිර මැටන්සෙස් පළාතේ පිහිටි මෙම තෙල් ටැංකි සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූවන් අතර එරට බලශක්ති අමාත්‍යවරයාද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධියේදී ගිනි නිවීමේ භටයන් 17 දෙනෙකුද අතුරුදන්වී තිබෙනවා.

එමෙන්ම ඒ අවට සිටි 1,900කට අධික පිරිසක් ආරක්ෂිත ප්‍රදේශවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

https://bit.ly/3QqfFGx