ජීවිතය බේරා ගන්න ගහක් උඩට නැග්ග කොටියා මරුට (Photos)

හැටන්, වනරාජ වතුයායේ සමර්හිල් කොටසේ මද්දකට හසු වීමෙන් පසු ගසක් උඩට නැඟ සිටි කඳුකර කොටියෙකු මියගොස් තිබේ.
දිගු වේලාවක් කඳුකර කොටියා ගසේ එල්ලී සිටි නිසා ජීවිතක්ෂයට පත් වු බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
වල් ඌරන් සහ කඳුකර කොටියන් දඩයම් කිරීම සදහා කිසියම් පිරිසක් විසින් අටවා තිබු මද්දකට මෙම කඳුකර කොටියා ඊයේ (06) රාත්රියේ හසු වී තිබේ.
එම අවස්ථාවේදී මද්ද ගලවා ගැනීම සඳහා කදුකර කොටියා ගසට නැග තිබේ. කඳුකර කොටියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවි නිලධාරීන් ගස කපා කොටියා බිමට ගැනීමට උත්සාහ කළත්, කොටියා ජීවිතක්ෂයට පත්වූ බව වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේය.





