අද සිට මංකිපොක්ස් ආසාදිතයන් සොයා මෙරටදීත් පරීක්ෂණ

මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය මෙරටට ව්‍යාප්ත වී තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහා මෙම පරීක්ෂණ කටයුතු සිදු කරන අතර ඊට අදාල පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ලැබී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.
ලොවපුරා රටවල් කිහිපයකින් මේ වනවිට මංකිපොක්ස් රෝගීන් හමු වී ඇති අතර කෙසේ නමුත් රෝගය හේතුවෙන් සිදුව ඇති මරණ ප්‍රමාණය ඉතා සීමිතය.

