ගෑස්වලට මිල සුත්‍රයක්

කළුතර, වව්නියාව, පුත්තලම, ත්‍රිකුණාමලය, මන්නාරම, අම්පාර සහ කෑගල්ල නගර සභා මහ නගර සභා තත්ත්වයට උසස් කර තිබෙනවා.
මේ අතර, ජල හා මලාපවහන ගාස්තු ද සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය අද (09) ලැබී තිබෙනවා.
එසේ ම සෑ ම මසකම 05 වැනි දාට යාවත්කාලීන කෙරෙන ගෘහස්ථ ගෑස් සඳහා පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අද පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මේ බව නිවේදනය කළා.

