ක්‍රයිමියාව අත්පත් කර ගත් පසු යුද්ධය අවසන් කරනවා – සෙලෙන්ස්කි

ක්‍රයිමියාව අත්පත් කර ගත් පසු යුද්ධය අවසන් කරනවා – සෙලෙන්ස්කි

රුසියාව භාරයේ පවතින ක්‍රයිමියාව යළි අත්පත් කර ගැනිමෙන් පසු යුද්ධය අවසන් කරන බව යුක්රේන ජනපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කරන්නේ රුසියාව මුලින්ම අත්පත් කර ගත්තේ සිය රටෙහි ක්‍රයිමියා ප්‍රදේශය බැවින් එය නිදහස් කර ගැනීමෙන් පසු යුද්ධය අවසන් කළ හැකි බවයි.

ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසු ක්‍රයිමියාවේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවක් ද සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ හමුදා කඳවුරේ පතොරොම් ගබඩා කර තිබූ ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බවට සැක කෙරෙන බවයි.

එම පිපිරීම්වලින් එක් අයකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

https://bbc.in/3p9o2uu