ශ්‍රී ලංකා හමුදාවට ඉන්දියාවෙන් ඩෝනියර් ඔත්තු බැලීමේ ගුවන් යානයක්?

ශ්‍රී ලංකා හමුදාවට ඉන්දියාවෙන් ඩෝනියර් ඔත්තු බැලීමේ ගුවන් යානයක්?

මෙරට සන්නද්ධ හමුදාවන් හි භාවිතය සඳහා ඩෝනියර් ඔත්තු බැලීමේ ගුවන් යානාවක් ඉන්දියාවෙන් ලබා ගැනීමට මෙරට ආරක්ෂක අංශ සාකච්ඡා පවත්වා තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම ඩෝනියර් ඔත්තු බැලීමේ ගුවන් යානාව ලබා ගැනීම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා පැවැත්වෙන අතර මේ මස මැද වන විට එය මෙරට ට ලබා දීමට හැකි වනු ඇති බවටයි ඉන්දීය බලධාරීන් විශ්වාසය පළ කරන්නේ.

සම්පූර්ණයෙන්ම ඉන්දීය තාක්ෂණය භාවිත කරමින් එරට දී නිෂ්පාදනය කරන ඩෝනියර්-228 නැමැති මෙම ඔත්තු බැලීමේ ගුවන් යානාව ඉන්දියානු නාවික හමුදාව විසින් ඉලෙක්ට්‍රොනික යුධ මෙහෙයුම්, සමුද්‍ර නිරීක්ෂණ, ආපදා සහන සහ වෙනත් කටයුතු සඳහා බහුලව භාවිතා කරන්නක්.

එය මෙරට දී ද විශාල වශයෙන් සමුද්‍ර නිරීක්ෂණ සහ වෙනත් කටයුතු සඳහා භාවිතා කළ හැකි වෙනවා.

මේ අතර චීනයේ ‘යුවාන් වැන් 05’ අදාළ නෞකාවේ මෙරට සංචාරය පිළිබඳව ඉන්දියාව පසු ගිය දිනවල කනස්සල්ල පළ කළා.

පසුව ශ්‍රී ලංකා රජය මෙරට සංචාරය කල්දමන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය චීන රජයෙන් ඉල්ලීමක් කර තිබුණා.

https://bit.ly/3Szk5gd