සෙංකඩගලපුර අවසන්‍ රන්දෝලි පෙරහර නැරඹීමට අති විශාල ජනතාවක් නුවරට

සෙංකඩගලපුර අවසන්‍ රන්දෝලි පෙරහර නැරඹීමට අති විශාල ජනතාවක් නුවරට

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන්‍ රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මහනුවර නගරය වෙත විශාල ජන තාවක් මේ වන විටත් පැමිණ ඇති බව වාර්තා වෙනවා.

මේ වන විටත් මහනුවර නගරයේ ඇසළ පෙරහැර ගමන් ගන්නා වීදී වල විශාල ලෙස දිවයිනේ නන්දෙසින් පැමිණි ජනතාව රැඳීසිටි අතර, වීදීසියල්ල ජනතාවගෙන් පිරී ගොස් ඇති ආකාරය දැකගන්නට ලැබුණා.

මේ අතර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන්‍ රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා දුම්රියවලින් මහනුවර බලා ගමන් කිරීමට අතිවිශාල ජනකායක් පැමිණීම හේතුවෙන් එම දුම්රියවල දැඩි තදබදයක් පැවති බව වාර්තා වුණා.

පෙරහැර මංගල්‍යය හේතුවෙන් මහනුවර දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ අතර එම දුම්රියන් ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබුණා.

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද දින අද (11) පස්වරු 6.35ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාභිමුඛව වීදිසංචාරය ආරම්භ කිරීමට නියමිතයි.

COMMENTS