අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමෙන් ජනතාව දැඩි පීඩාවට පත්වෙලා

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමෙන් ජනතාව දැඩි පීඩාවට පත්වෙලා

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඇතුළු ජීවන වියදම ඉහළ යාමත් සමඟ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මාතර වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී ඇති පසුබිමකදී වුව මෙරට තෙල් මිල වැඩි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හඳුන්නෙත්ති වැඩිදුරටත් පැවසුවේ.