රුහුණු කතරගම මහ දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා මංගල්‍යයේ අවසාන මහා පෙරහර අද (11) රාත්‍රියේ වීදි සංචාරය කෙරේ.
පසුගිය ජූලි 29 වැනි දින ආරම්භ වූ කතරගම ඇසළ මංගල්‍යයේ අවසන් මහා පෙරහර අද (11) වැනි දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.
අවසන් රන්දෝලි පෙරහර අද රත්‍රී 07,30 ට වීදි සංචාරය කරයි. පෙරහර ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ න් ආරම්භ වි ඝණ දේවාලය” කිරි විහාරය හා අෂ්ඨඵල බෝධිය” කඩවර බා්ධිය පසු කර කිරි වෙහෙර අභියසට පැමිණේ’ එහිදී කරනු ලබන වතාවත්වලින් පසුව පෙරහර පිට විදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් නැවත ප්‍රධාන විදිය ඔස්සේ කතරගම දේවාලයට ගෙවදීමට නියමිතයි.
හෙට 12 වැනි දින උදෑසන දිය කැපීමේ මංගල්‍යයෙන් 2022 ඇසළ මංගල්‍යය නිමාවට පත්වේ.
පෙරහර ඇරඹුණු දින සිට දිවයිනේ නන් දෙසින් බැතිමතුන් විශාල පිරිසක් කතරගමට පැමිණ දෙවියන් වන්දනාමාන කරගත් බව ද වාර්තා වුණා.







