ලබන වසරේ පැවෙත්වෙන 20 -20 ලීග් තරගාවලියට දසුන් ශානක ගිවිසුම්ගත වෙයි

ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාසවල පැවැත්වීමට නියමිත නවතම පන්දු වාර විස්සයි විස්ස ලීග් තරගාවලිය සඳහා ශ්රී ලංකා විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක ද ගිවිසුම්ගත වී තිබෙනවා.
මෙම තරගාවලිය සඳහා මේ වනවිට වැඩිම විදෙස් ක්රීඩකයන් පිරිසක් ගිවිසුම් ගතවී ඇති දෙවන රට වන්නේ ශ්රී ලංකාවයි.
ගිවිසුම් ගතවූ ක්රීඩකයින් අතරට කිසිදු පාකිස්ථාන ක්රීඩකයෙකු ඇතුළත්වී නැහැ.
මෙම විස්සයි විස්ස ක්රිකට් ලීගයේ කණ්ඩායම් හයේම හිමිකාරීත්වය ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම්වල හිමිකරුවන් සතුවීම ඊට හේතු වී තිබෙනවා.
දුෂ්මන්ත චමීර ශ්රී ලංකා ක්රීඩකයින් අතර ඉහළම ගෙවීමක් සහිත ක්රීඩකයා ලෙස ගිවිසුම් ගතවී ඇති අතර, රුපියල් කෝටි හතක පමණ මුදලකටයි ඔහු ගිවිසුම් ගතවී ඇත්තේ

