රාජපක්ෂවරු යළි නැගිටිනවා – රෝහිත අබේගුණවර්ධන

අපි රාජපක්ෂවරුත් එක්ක, දිනයක් නෑ, වකවානුවක් නෑ, නැවත නැගිටින බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි. පාර්ලිමේන්තුවේදී අද (12) අදහස් දක්වමින් ඔහුමේ බව පැවැසීය.
එතුමා වැඩි දුරටත් දැක්වූ අදහස්,
“දැන් කියනවා හැම වෙලේම රනිල් රාජපක්ෂ ආණ්ඩුව. දැන් රාජපක්ෂවරු, මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී, බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවෙන් එළියට ගියා. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා රටෙන් එළියට ගියා. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී.
මේක මාර භීතිකාවක්නේ, රාජපක්ෂවරු, රාජපක්ෂවරු රෑ 2ට 3ට නැගිටලත් රාජපක්ෂවරුන්ට හීනෙන් බය වෙනවා ඇති. ඔංචිල්ලාව ඒ පැත්තට ගියොත්මේ පැත්තට එනවා. අපි එදත් රාජපක්ෂවරුත් එක්ක, අදත් රාජපක්ෂවරුත් එක්ක, අපි හෙටත් රාජපක්ෂවරුත් එක්ක. දිනයක් නෑ, වකවානුවක් නෑ, නැවත නැගිටිනවා කියන එක අනිවාර්යයෙන්ම මතක් කරනවා.” යනුවෙන් පැවසීය.

