අරගලය අලුත් වටයකින් ආරම්භ කළ යුතුයි – පුබුදු ජාගොඩ

ළමුන්ට සහ කාන්තාවන්ට අදාළ ඇතැම් නීති රීති සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් එය ළමුන් සහ කාන්තාවන් කෙරෙහි සුබ නොවන තත්ත්වයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් පුබුදු ජාගොඩ පවසනවා.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද(12) පැවති සිය පක්ෂයේ මාධ්‍ය හමුවක දී යි.
එහි දී ඔහු කියා සිටියේ, ආණ්ඩුව විසින් පාසල් දරුවන්ට රැකියා කිරීමට හැකියාවක් ඇති ආකාරයට නීති සකසමින් සිටින බවත්, වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන් වැඩිහිටියන් ලෙස නිර්වචනය කිරීමට තර්ක සූදානම් කරන බවත්, එය භයානක තත්ත්වයක් බවත් එමගින් ළමුන්ගේ, ළමා කාලය විනාශ වන බවයි.
මේ පිළිබඳව ඔහු වැඩි දුරටත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, ලංකාවේ මිනිස්සු අරගල කළ බවත්, සටන් කිරීමට මිනිස්සු තීරණය කළ බවත්, මෙවැනි සිදුවීම් සමග නැවත අරගල කිරීම හැර වෙන කළ හැකි අන් දෙයක් නොමැති බවත්, දරුවන් වෙනුවෙනුත් සටන් කල යුතු තත්වයක් මේ මොහොතේ උද්ගත වී ඇති බවත් ඔහු පවසනවා. එබැවින් තමා යෝජනා කර සිටින්නේ, අලුත් වටයකින් යලි අරගලය පනගැන්විය යුතු බවත් ඔහු මෙහි දී කියා සිටියා.

