ලෝක අලි දිනය අද

ලෝක අලි දිනය අද

ලෝකයේ වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව සෑම වසරකම අගෝස්තු 12 දින ලෝක වන අලි දිනය ලෙස නම් කර ඇත.

පළමු වරට ලෝක වනඅලි දිනය ලෙස නම් කරන ලද්දේ 2012 වර්ෂයේ අගෝස්තු 12 දිනයිදීය. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන William Shatner, මහතා තායිලන්තයේ දී වනඅලින් සම්බන්ධව නිර්මාණය කරන ලද වෘත්තාන්ත චිත්‍රපට දෙකකින් පසුව එහි ආසියානු අලින් සම්බන්ධව දැක්වෙන කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් ලෝක වන අලි දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝක වන අලි දිනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළ වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙවර ලෝක වන අලිදිනයේ මෙවර තේමාව පූර්ව ඓතිහාසික සුන්දරත්වය, ආගමික අදාලත්වය හා පාරිසරික වැදගත්කම ( Pre historic Beauty, Theological Relevance and Environmant Importance බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වන අලි ගහනය 2011 සිදු කරන ලද අවසන් වන අලි සංගණනය අනුව පන්දහස ඉක්මවන බවත්,මේ වනවිට වාර්ෂිකව අලි-මිනිස් ගැටුම් හේතුවෙන් වන අලි 300 ක් පමණ මියයන අතර අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාව 100 කට අධිකයි.

පාරිසරික ඇගයීම් නොසළකා හරිමින් වන අලින් ජීවත් වන ප්‍ර දේශ මිනිසුන් විසින් ආක්‍රමණය කිරීම නිසා වන අලින් මෙන්ම මිනිසුන් ද අවතැන්භාවයට පත්වතිබේ.

එම නිසා ඉදිරියේ දී සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේ දී දෙවරක් සිතා බලන බවත් වන අලින් ගැවසෙන ඔවුන්ගේ වාසස්ථානවලට අයත් ඉඩම්සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා නොදීමට දැඩි තීන්දු තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.