ගිණුමට වැටුණු ලක්ෂ පනහා උගුලක් බව රැට්ටා කියයි (video)

ගිණුමට වැටුණු ලක්ෂ පනහා උගුලක් බව රැට්ටා කියයි (video)

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ අරගලයේ ඉහළ පෙළ සාමාජිකයෙකු වන රතිඳු සේනාරත්න නොහොත් ‘රැට්ටා’ගේ පෞද්ගලික බැංකු ගිණුමට රුපියල් ලක්ෂ පනහක මුදලක් නිර්නාමික ආකාරයෙන් ලැබී තිබුණු බව ඔහු තම සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කළා.

එහි දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ, තමාගේ අනුදැනුමකින් තොරව මෙලෙස මුදල් බැංකුගත කරමින් කවරෙකු හෝ තමාව කිසියම් උගුලකට හසු කොට ගන්නට උත්සාහ කරන බවයි.

එබැවින් ඔහු තමාගේ ගිණුමට බැර වූ අදාල මුදල සම්බන්ධයෙන් ගිණුම අයත් බැංකුව වෙත දන්වා එම මුදල් ‘හෝල්ඩ්’ කරන ලෙස උපදෙස් දුන් බවත් අනතුරුව එම මුදල් ලැබුණේ කුමන අයෙකුගේ මාර්ගයෙන් ද යන්න විමර්ශනය කරන ලෙස බැංකුවට දැනුම් දී තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසියට ඔහු අද (13) දින ගිය මුත් එහි නිලධාරීන් තමාට උපදෙස් දී ඇත්තේ මුදල් බැර වූ ගිණුම පවතින බැංකුව අයත් පොලිස් කොට්ටාසය වන ජාඇල පොලීසියට පැමිණිලි කරන ලෙසයි යනුවෙන් ඔහු සමාජ මාධ්‍ය වෙත කියා සිටියා.

එබැවින් අදාල පැමිණිල්ල කිරීම සඳහා හෝ වෙනත් දිනක තමා ජාඇල පොලීසිය වෙත යාමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළා.

COMMENTS