ඩුබායි හි සිදුකළ රහසිගත වැටලීමකින් “හරක් කටා” අත්අඩංගුවට

ඩුබායි හි සිදුකළ රහසිගත වැටලීමකින් “හරක් කටා” අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ අත්අඩංගුවට ගෙන තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ සැකකරු ඩුබායිහිදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

දකුණු පළාතේ මෙන් ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන කිහිපයක් ම හරක් කටාගේ මෙහෙයවීම මත සිදුවූවක් බවට අනාවරණය වී ඇති අතර මෙරට අධිකරණය මගින් ඔහුට රතු වරෙන්තු ද නිකුත් කර තිබිණි.

එමෙන් ම ඔහු ජාත්‍යන්තරය සමඟ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන බවට මෙවර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ද ඩුබායි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත දැනුම් දී තිබිණි.

COMMENTS