අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සහල්, පරිප්පු ඇතුළු ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල පහළ ගොස් ඇති බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසයි.

නමුත් දේශීයව නිෂ්පාදනය කරන සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතී.

අල, පරිප්පු, සීනි, මිරිස්, ළූණු ආදී ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල ගණන් අද (15) දිනයේත් පහළ අගයක පවතින බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසයි.

ඒ අනුව ආනයනික පරිප්පු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 430ත් 450ත් අතර අගයක පවතී.

පොන්නි සම්බා, සුදු කැකුළු, රතු කැකුළු ආදී ආනයනික සහල්වල තොග මිල රුපියල් 170 සිට 190ත් අතර පරාසයක පවතී .

පිටකොටුව තොග වෙළෙඳසැල් ආශ්‍රිතව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 160ත් රුපියල් 165ත් අගයක සටහන් වී ඇත.

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 140ත් 150ත් අතර අගයක පවතින අතර ආනයනික වියළි මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල පවතින්නේ රුපියල් 1350ත් 1500ත් අතර අගයකයි.

කෙසේවෙතත් පිටකොටුව සිල්ලර වෙළෙඳ සංකීර්ණයේ අල, ළූණු සහ එළවළුවල සිල්ලර මිල ගණන් ඉහළ අගයක පවති.

ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා නිසා භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳුන් පවසයි.