නෙළුම් කුළුන ජනතා අයිතියට

නෙළුම් කුළුන ජනතා අයිතියට

චීන ණය යටතේ ඉදි කෙරුණු නෙළුම් කුළුන ලබන මස 15 වන දා සිට ජනතාවට විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මීටර් 300ක පමණ උසින් යුත් මෙම කුළුණ වානිජමය වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණෙන් ආයෝජන අවස්ථා සඳහා විවර කිරීමට කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන පුද්ගලික සමාඟම තීරණය කර තිබුණා.

ඒ අනුව ව්‍යාපාර සඳහා කාර්යාල පහසුකම්, ප්‍රදර්ශනාගාර, සම්මන්ත්‍රණශාලා මෙන්ම සුවිශේෂී අලෙවිසැල් සඳහා නෙළුම් කුළුණේ පවතින මහල් ආයෝජකයින්ට ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

එමෙන්ම එහි ජාත්‍යන්තර මට්ටමේ උත්සව, ප්‍රසංග සහ ප්‍රදර්ශන සංවිධාන කිරීමට අවස්ථාව හිමි වනු ඇති.