යල කන්නයේ වී මිල දී ගැනිම අද ඇරඹෙයි

යල කන්නයේ වී මිල දී ගැනිම අද ඇරඹෙයි

වී අලෙවි මණ්ඩලය මගින් යල කන්නයේ වී මිල දී ගැනිම අද (17) සිට ආරම්භ කෙරෙනවා.

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කට සම්බා වී කිලෝවක් රුපියල් 125කට සහ කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130ක මිලකට මීල දී ගැනිමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

පළමු අදියර යටතේ රුපියල් මිලියන 2,000ක් වැය කර වී මෙටි්‍රක් ටොන් 30,000ක් මිල දී ගැනීමට අපේක්ෂිත යි.

සහල් නිෂ්පාදකයන් විසින් ගොවීන්ගෙන් අඩු මිලට වී මිල දී ගැනීම වැළැක්වීම සඳහා මෙලෙස වී අලෙවි මණ්ඩලය මැදිහත් ව වී මිල දී ගන්නා බව යි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.

මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සහල් මෙට්‍රික් ටොන් පන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර, දැනට රට තුළ කිසිදු සහල් හිඟයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.