වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාර කඳවුරේ බන්ධනාගාර කාන්තා නිලධාරිණියන් හා කාන්තා සිරකාරියන් පරීක්ෂා කිරීමේ රාජකාරී සිදු කරන ස්ථානයේ දී කාන්තා ජේලර්වරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ජේලර්වරිය සන්තකයේ තිබී බෙහෙත් පෙති හැඩති පෙති කිහිපයක් නිලධාරීන් භාරයට ගැනීමට සූදානම් වන අවස්ථාවේ හදිසියේම එම පෙති උදුරාගෙන අදාළ ජේලර්වරිය ඇයගේ මුව තුළ සඟවා ගැනීමට උත්සහ දැරීමේ දී ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම පෙති ඖෂධීය පෙතිද, මත් පෙතිද යන්න පරික්ෂා කිරීම සදහා බන්ධනාගාර රෝහල් වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර තිබෙනවා.

COMMENTS