බලශක්ති ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට තාවකාලික අවසරයක්

බලශක්ති ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට තාවකාලික අවසරයක්

අමෙරිකානු ඩොලර් මිලියන 500කට වැඩි ආයෝජනයක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගමට තාවකාලික අනුමැතිය ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඔහු සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව ය.

ඒ අනුව, මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 286ක සහ පුනරීන් ප්‍රදේශයේ මෙගාවොට් 234ක සුළං බල ව්‍යාපෘති 2ක් සඳහා මෙලෙස අනුමැතිය ලබා දී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS