ගෝඨාභය ලබන 24 වෙනිදා දිවයිනට ?

ගෝඨාභය ලබන 24 වෙනිදා දිවයිනට ?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වනදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානානපති උදයංග වීරතුංග පවසනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි උදයංග වීරතුංග ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.

සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපතිවරයා පසුගිය 11 වනදා තායිලන්තය බලා පිටත්ව ගියා.

ගෝඨාභය රාජපක්ෂට තම රටට ඇතුලු‍ වීම සඳහා අවසර ලබා දී ඇත්තේ මානුෂීය හේතුන් මත බවත් වෙනත් රටක ස්ථිර රැකවරණය ලබාගන්නා තුරු ඔහුට තාවකාලිකව රැඳී සිටිය හැකි බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

මෙරට ජනතාව දැක්වූ විරෝධතා හේතුවෙන් පසුගිය ජූලි 13 වැනිදා මාලදිවයින බලා පිටව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට යන තෙක් රැදී සිටියේ සිංගප්පූරුවේයි.